WhatsApp විසින් Group Chats භාවිතය තවත් පහසු කිරීම සඳහා අලුත් features කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
මේ update එකත් සමඟ @all mentions, වැඩිදියුණු කළ Polls සහ දැනට තිබෙන Group එකක members භාවිත කරමින් අලුත් Group Chat එකක් ඉක්මනින් නිර්මාණය කිරීමේ හැකියාව ඇතුළු නව පහසුකම් කිහිපයක් users ලාට ලැබෙනවා.
අලුත් Polls update එකෙන් voting සඳහා අවසන් වේලාවක් සකස් කිරීමට, voter names hide කිරීමට සහ Poll එකක් create කළ පසු මිනිත්තු 15ක් ඇතුළත question එක edit කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. මේ නිසා Group එකක් තුළ votes ලබාගැනීම සහ ඒවා manage කිරීම තවත් පහසු වෙනවා.
ඒ සමඟ WhatsApp වෙත එක්වන @all feature එක භාවිත කර Group එකේ සිටින සියලුම members ලා එකවර mention කර notification එකක් යැවීමටත් හැකි වෙනවා. විශාල Groups වල අනවශ්‍ය notifications අඩු කිරීම සඳහා members 32කට වැඩි Group Chats වලදී මෙම feature එක භාවිත කිරීම admins ලාට පමණක් සීමා කර තිබෙනවා.
තවත් update එකක් ලෙස, පවතින Group එකක සිටින members කිහිපදෙනෙකු තෝරාගෙන ඔවුන් සමඟ වෙනම අලුත් Group Chat එකක් ඉක්මනින් නිර්මාණය කිරීමටත් WhatsApp පහසුකම් ලබාදී තිබෙනවා.
මෙම updates හරහා WhatsApp Group Chats තුළ communication, polls සහ group management තවත් සරල කිරීම WhatsApp හි අරමුණ වී තිබෙනවා.





