WhatsApp ඔස්සේ “මගේ යාළුවාට Vote කරන්න” හෝ “මේ තරගයේ සිටින මගේ ඥාතියෙකුට සහාය දෙන්න” ලෙස සඳහන් කරමින් එවන පණිවිඩයක් හරහා පරිශීලකයන්ගේ WhatsApp Account වෙත පිවිසෙන Scam ක්‍රමයක් පැතිරෙමින් පවතින බව Cybersecurity ආයතනයක් වන Malwarebytes වාර්තා කර තිබේ.

මෙම පණිවිඩය බොහෝවිට ලැබෙන්නේ පරිශීලකයා දැනටමත් හඳුනන Contact එකකිනි. එම පුද්ගලයාගේ WhatsApp Account එක මීට පෙර Scamකරුවන්ගේ පාලනයට හෝ Linked Device එකකට සම්බන්ධ වී තිබීම නිසා පණිවිඩය විශ්වාසදායක ලෙස පෙනී යා හැකිය.
පණිවිඩයේ සඳහන් Link එක විවෘත කළ විට සැබෑ Voting page එකක් වෙනුවට WhatsApp සම්බන්ධ page එකක් ලෙස පෙනෙන Website එකකට පරිශීලකයා යොමු කරයි. ඉන් අනතුරුව Account එක verify කිරීම, device එකක් connect කිරීම හෝ WhatsApp වෙත නැවත පිවිසීම සඳහා යැයි පවසමින් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.
මෙහි සැබෑ අරමුණ වන්නේ WhatsApp හි නීත්‍යනුකූල Linked Devices feature එක භාවිත කර Scamකරුවාගේ Computer එකක් හෝ වෙනත් Device එකක් පරිශීලකයාගේ WhatsApp Account එකට සම්බන්ධ කිරීමයි.
ඇතැම් අවස්ථාවල පරිශීලකයාට QR Code එකක් Scan කිරීමට හෝ WhatsApp හි Linked Devices section එකට ගොස් Scamකරුවා විසින් ලබාදෙන Device Linking Code එකක් ඇතුළත් කිරීමට උපදෙස් ලබාදේ. එම ක්‍රියාව සිදු කළ විට පරිශීලකයා නොදැනුවත්වම Scamකරුවාගේ Device එක තම WhatsApp Account එකට Link කරනු ලබයි.
Device එක සම්බන්ධ වූ පසු Scamකරුවාට පරිශීලකයාගේ Messages කියවීමට, පරිශීලකයා ලෙස පෙනී සිටිමින් Messages යැවීමට සහ එම Scam Link එක Contacts වෙත නැවත යැවීමට හැකි විය හැකිය. මිතුරන්ගෙන් හෝ පවුලේ සාමාජිකයන්ගෙන් මුදල් සහ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීමටද මෙම ප්‍රවේශය භාවිත කළ හැකිය.
Meta සමාගමද 2026 මාර්තු මාසයේදී මෙවැනි Device Linking Scam පිළිබඳව අනතුරු අඟවා තිබුණි. Talent competition එකකට Vote කරන ලෙස පවසමින් Phone Number එක සහ WhatsApp Device Linking Code එක ලබාගැනීම හෝ වැරදි හේතුවක් දක්වමින් QR Code එකක් Scan කරවීම මෙම Scamවලදී භාවිත කරන බව Meta සඳහන් කර තිබේ.
ආරක්ෂා වන්නේ කෙසේද?
ඔබ ආරම්භ නොකළ අවස්ථාවක WhatsApp Device එකක් Link කිරීමට, QR Code එකක් Scan කිරීමට හෝ Device Linking Code එකක් ඇතුළත් කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරන්න.
හඳුනන පුද්ගලයෙකුගෙන් වුවද අනපේක්ෂිත Voting හෝ Support Link එකක් ලැබුණහොත් එම පුද්ගලයාට Call එකක් ලබාදී පණිවිඩය සැබවින්ම ඔහු හෝ ඇය විසින් එවන ලද්දක්ද යන්න තහවුරු කරගන්න.
WhatsApp හි Settings > Linked Devices වෙත ගොස් ඔබ නොහඳුනන Device එකක් සම්බන්ධ වී තිබේද යන්න වරින් වර පරීක්ෂා කළ යුතුය. හඳුනාගත නොහැකි Device එකක් තිබේ නම් එය වහාම Log out කරන්න. අමතර ආරක්ෂාවක් සඳහා Settings > Account > Two-step verification feature එකද Enable කර තැබීම සුදුසුය.
Account එකට වෙනත් Device එකක් දැනටමත් සම්බන්ධ වී ඇති බවට සැකයක් ඇති නම් සියලු සැක සහිත Linked Devices ඉවත් කර ඔබගේ Contacts වෙතද ඒ පිළිබඳව දැනුම් දීම වැදගත් වේ.





