WhatsApp Web භාවිත කරන පරිශීලකයන්ට browser එකෙන් ඉවත් නොවී Audio සහ Video Calls ලබාගැනීමට හැකි අලුත් Web Calling පහසුකම WhatsApp විසින් හඳුන්වා දී තිබේ.
මෙතෙක් WhatsApp Desktop app එක install කිරීම අවශ්‍ය වූ බොහෝ calling features, මෙම update එකත් සමඟ සෘජුවම WhatsApp Web හරහා භාවිත කළ හැකිය. ඒ අනුව individual calls මෙන්ම group audio සහ video calls ද browser එකෙන්ම ආරම්භ කිරීමට සහ ලබාගැනීමට හැකි වේ.
App එකක් Download කිරීම අවශ්‍ය නොවේ
Shared computer එකක්, office laptop එකක් හෝ apps install කිරීමට අවසර නොමැති device එකක් භාවිත කරන අවස්ථාවකදී මෙම feature එක විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.
WhatsApp Web Calling සමඟ Screen Sharing, Reactions සහ Calls tab එකක් ද ලබාදෙන අතර, එම tab එක හරහා call history සහ favorite contacts බැලීමට හැකිය. Web හරහා සිදුකරන calls සඳහා කාල සීමාවක් හෝ අමතර ගාස්තුවක් නොමැති අතර ඒවා End-to-End Encryption මගින් ආරක්ෂා කර තිබේ.
Call Transfer
අලුත් Call Transfer feature එක මගින් ක්‍රියාත්මක Group Call එකක් විසන්ධි නොකර එක් device එකකින් තවත් device එකකට මාරු කළ හැකිය.
උදාහරණයක් ලෙස, smartphone එකෙන් ආරම්භ කළ call එකක් පසුව විශාල screen එකක් සහිත WhatsApp Web හෝ Desktop වෙත මාරු කළ හැකි අතර, Desktop එකෙන් smartphone එක වෙතද call එක මාරු කිරීමට හැකි වේ.
Group Calls සඳහා Waiting Room
WhatsApp Call Link එකක් නිර්මාණය කිරීමේදී Require approval to join option එක සක්‍රිය කළ විට, participantsලා සෘජුවම call එකට ඇතුළු නොවී Waiting Room එකක රැඳී සිටියි.
Call එක නිර්මාණය කළ පුද්ගලයාගේ අනුමැතිය ලැබුණු පසුව පමණක් ඔවුන්ට call එකට සම්බන්ධ විය හැකි බැවින්, group calls සහ online meetings සඳහා වැඩි පාලනයක් මෙම feature එකෙන් ලැබේ.
QuickHD සහ Noise Suppression
QuickHD feature එක මගින් video call එකක් ආරම්භ කළ පළමු තත්පර කිහිපයේ සිටම High-Definition video quality ලබාදීමට WhatsApp කටයුතු කර තිබේ.
මීට අමතරව, පරිසරයේ ඇති background noise අවම කර අනෙක් පුද්ගලයාට කටහඬ පැහැදිලිව ඇසීමට උපකාර වන Noise Suppression feature එකක්ද හඳුන්වා දී ඇත. එය call එකක් අතරතුර In-call Settings වෙතින් සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.
WhatsApp සඳහන් කරන්නේ Web Calling, Call Transfer, Waiting Room, QuickHD සහ Noise Suppression features සියල්ල පරිශීලකයන් වෙත ක්‍රමානුකූලව rollout කරමින් පවතින බවයි. එබැවින් මෙම පහසුකම් සියලුම accounts වෙත එකවර දිස් නොවිය හැකි අතර ඉදිරි කාලය තුළ සියලු පරිශීලකයන්ට ලබාදීමට නියමිතය.





