WhatsApp භාවිත කරන පුද්ගලයෙකු මේ මොහොතේ Online සිටිනවාදැයි පහසුවෙන් හඳුනාගැනීමට නව Green Dot පහසුකමක් අත්හදා බලමින් සිටියි.
මෙම පහසුකම අනුව පුද්ගලයෙකු WhatsApp තුළ Active වී සිටින විට ඔහුගේ හෝ ඇයගේ Profile Photo එක අසල කුඩා කොළ පැහැති තිතක් පෙන්වයි. එම පුද්ගලයා WhatsApp වෙතින් ඉවත් වූ වහාම මෙම Green Dot එකද ඉවත් වේ.
දැනට මෙම සලකුණ පෙන්වන්නේ Chat එකක ඉහළ ඇති පුද්ගලයාගේ නම මත Tap කිරීමෙන් විවෘත වන Contact Info පිටුව තුළ පමණි. WhatsApp හි තිබෙන Privacy Settings අනුව Online Status එක සඟවා ඇති පුද්ගලයන්ට මෙම Green Dot එක පෙන්වන්නේ නැත.
මෙම පහසුකම දැනට Android සහ iPhone Beta(WhatsApp beta for iOS 26.26.10.72) පරිශීලකයන් සීමිත පිරිසකට ලබාදී ඇති අතර, සියලුම සාමාන්‍ය පරිශීලකයන්ට නිකුත් කරන නිශ්චිත දිනයක් WhatsApp තවමත් ප්‍රකාශ කර නොමැත.





