මෙම පහසුකම මඟින් @Name123 වැනි තමන්ටම අනන්‍ය username එකක් තෝරාගත හැකිය. පසුව වෙනත් පුද්ගලයන්ට ඔබගේ දුරකථන අංකය අවශ්‍ය නොවී username එක search කිරීමෙන් හෝ wa.me/YourUsername link එකක් භාවිතයෙන් ඔබ සමඟ chat කිරීම ආරම්භ කළ හැකිය.
Username එකක් භාවිත කිරීම අනිවාර්ය නොවන අතර, අවශ්‍ය පරිශීලකයන්ට පමණක් එය සක්‍රීය කළ හැකිය. මෙය විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට, content creatorsලාට සහ තම දුරකථන අංකය පෞද්ගලිකව තබාගැනීමට කැමති අයට ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම feature එක ඔබගේ WhatsApp ගිණුමට ලැබුණු පසු Settings → Account → Username වෙත ගොස් username එකක් තෝරාගත හැකිය. Username එක අනන්‍ය විය යුතු බැවින්, ඔබට අවශ්‍ය නම කලින්ම reserve කරගැනීම වැදගත් වේ.ඔබගේ පහසුව සදහා එම පියවරයන්ට අදාල screenshots කිහිපයක් පහතින් attach කරතිබේ.








