කලක් Windows computers භාවිත කළ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ Winamp music player එක, නව පරම්පරාවට ගැළපෙන ලෙස නැවත හඳුන්වාදීමට සූදානම් වනවා. ඒ සඳහා Winamp සමාගම music streaming platform එකක් වන Deezer සමඟ strategic partnership එකක් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
2026 ජූලි 29 වැනිදා නිවේදනය කළ මෙම partnership එක යටතේ, Deezer සතු white-label music streaming technology සහ global music catalogue එක භාවිත කර Winamp සන්නාමය යටතේම නව premium music subscription service එකක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.
නව Winamp Player එකෙන් ලැබෙන්නේ මොනවාද?
නව Winamp Player එක සාමාන්‍ය music streaming app එකකට පමණක් සීමා නොකරන බව සමාගම් දෙක සඳහන් කරනවා. ඒ වෙනුවට පරිශීලකයන්ගේ විවිධ audio sources එකම application එකක් තුළට ගෙන ඒම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව නව player එක තුළ,
- Deezer technology එකෙන් බලගැන්වෙන premium music streaming
- Computer එකේ ඇති local music library
- Internet radio stations
- Podcasts
- Personal cloud music collections
- වෙනත් audio sources
එකම ස්ථානයකින් access කිරීමට හැකිවනු ඇත. Player එකට highly customizable interface එකක්, social features සහ music සොයාගැනීමටත් සංවිධානය කිරීමටත් නව tools එක් කිරීමටද සැලසුම් කර තිබෙනවා.
Winamp නම යටතේම Premium Subscription එකක්
මෙම partnership එකේදී Deezer සිය technology සහ licensed music catalogue එක ලබාදුන්නත්, අදාළ service එක පරිශීලකයන්ට පෙන්වන්නේ Winamp experience එකක් ලෙසයි.
එනම් මෙය Deezer app එක Winamp තුළ embed කිරීමක් නොව, Deezer infrastructure එක භාවිත කර Winamp සමාගම විසින් තමන්ගේම branding, interface සහ subscription model එකක් සමඟ නිර්මාණය කරන service එකක් වනවා.
පැරණි Desktop Player එකටත් Streaming ලැබෙයි
Winamp සඳහන් කරන ආකාරයට එහි පැරණි desktop player එක තවමත් ලොව පුරා මිලියන 40කට වැඩි පරිශීලකයන් පිරිසක් භාවිත කරනවා.
නව platform එක launch කළ පසුව, මෙම desktop player එකටද Deezer technology එකෙන් බලගැන්වෙන Winamp premium music subscription service එක එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
නිකුත් කරන්නේ කවදාද?
Next-generation Winamp Player එක 2027 වසරේ පළමු භාගයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මිල ගණන්, supported devices, subscription plans සහ අවසාන interface එක පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
Winamp පවසන්නේ ඉදිරි මාසවලදී නව player එකට අදාළ previews සහ additional product announcements නිකුත් කරන බවයි.
Spotify, Apple Music සහ YouTube Music වැනි platforms දැනටමත් ප්‍රමුඛව පවතින music streaming market එකකට Winamp නැවත පැමිණීම පහසු තරගයක් නොවනු ඇත. එහෙත් streaming music, local MP3 files, podcasts, radio සහ cloud collections එකම customizable player එකකට එක් කිරීමෙන්, පැරණි Winamp users මෙන්ම music library එක පිළිබඳ වැඩි control එකක් අවශ්‍ය නව users ද ආකර්ෂණය කරගැනීමට Winamp බලාපොරොත්තු වන බව පෙනෙනවා.





