Elon Musk විසින් X platform එක “everything app” එකක් බවට පත් කිරීමේ සැලසුමේ ප්‍රධාන අංගයක් වන X Money financial service එක එක්සත් ජනපදයේ පරිශීලකයන් සඳහා අදියරෙන් අදියර rollout කිරීම ආරම්භ කර තිබේ.

X Money හරහා X App එකෙන් ඉවත් නොවී මුදල් තැන්පත් කිරීම, වෙනත් X පරිශීලකයන්ට real-time ලෙස මුදල් යැවීම සහ Visa debit card එකක් භාවිත කිරීමේ හැකියාව ලබාදීමට නියමිතය. දැනට මෙය ප්‍රධාන වශයෙන් X Premium සහ Premium+ subscribers සඳහා invite-based rollout එකක් ලෙස ලබාදෙමින් පවතී.

X Money යනු වෙනම Bank එකක් නොවේ

X Money එක සම්ප්‍රදායික Bank එකක් නොවන අතර, එහි banking infrastructure සහ regulated financial services සපයනු ලබන්නේ Cross River Bank විසිනි.

Cross River විසින් X Money සඳහා FDIC-insured interest-bearing accounts, payment infrastructure සහ Visa debit card capabilities සපයන බව නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ අනුව පරිශීලකයන්ගේ මුදල් X සමාගම විසින් සෘජුව තබාගන්නවා වෙනුවට partner bank infrastructure එක හරහා කළමනාකරණය වේ.

6% දක්වා APY එකක්

X Money හි වැඩිම අවධානයක් දිනාගන්නා feature එකක් වන්නේ account balance එක සඳහා 6% දක්වා Annual Percentage Yield — APY එකක් ලබාදීමයි.

Premium+ subscribers සඳහා මෙම ඉහළ APY rate එක ලබාගත හැකි අතර, සාමාන්‍ය Premium subscribers සඳහා minimum deposit එකක් හෝ වෙනත් eligibility requirements සම්පූර්ණ කිරීමට සිදුවිය හැකිය. වාර්තා අනුව 6% yield එක ලබාගැනීම සඳහා අවම වශයෙන්

,000ක මුදලක් තැන්පත් කිරීම අවශ්‍ය විය හැකිය.

APY යනු account එකක මුදල් වසරක් පුරා තබාගත් විට ලැබිය හැකි වාර්ෂික ප්‍රතිලාභය පෙන්වන අගයකි. කෙසේ වෙතත් rates, eligibility requirements සහ terms අනාගතයේදී වෙනස් විය හැකිය.

X Username එක සහිත Metal Visa Card එකක්

X Money පරිශීලකයන්ට තමන්ගේ X username හෙවත් handle එක ඇතුළත් කළ හැකි X-branded metal Visa debit card එකක්ද ලබාදීමට නියමිතය.

මෙම card එක සාමාන්‍ය Visa debit card එකක් ලෙස purchases සහ ATM withdrawals සඳහා භාවිත කළ හැකි අතර, eligible purchases සඳහා 3% දක්වා cashback එකක් ලබාදෙන බවද වාර්තා වේ. Apple Wallet support එකද X Money සේවාව සමඟ ලබාදීමට සැලසුම් කර තිබේ.

X App එක තුළම මුදල් යැවිය හැකියි

X Money හරහා X පරිශීලකයන් දෙදෙනෙකු අතර real-time peer-to-peer payments සිදු කළ හැකිය. මෙය Venmo, Cash App සහ Zelle වැනි payment services සමඟ තරග කරන feature එකක් ලෙස සැලකිය හැකිය.

Social Media platform එකක් තුළ FDIC-insured accounts, debit card සහ peer-to-peer payment capabilities එකට integrate කළ පළමු ප්‍රධාන එක්සත් ජනපද සේවාව X Money බව Cross River සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකාවට ලබාගත නොහැකියි

X Money rollout එක දැනට එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන සිදු වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල පරිශීලකයන්ට මෙම සේවාව ලබාදෙන දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

සේවාව තවමත් phased සහ invite-based rollout එකක පවතින බැවින්, එක්සත් ජනපදයේ සියලුම X Premium users සඳහාද එකවර ලබාගත නොහැකි විය හැකිය.

X Money සාර්ථක වුවහොත් X platform එක posts සහ messages සඳහා පමණක් භාවිත වන Social Media App එකකින් ඔබ්බට ගොස් payments, banking සහ digital financial services එකම ස්ථානයක ලබාදෙන “everything app” එකක් බවට පත්වීමේ Elon Muskගේ සැලසුමට වැදගත් පියවරක් වනු ඇත.

Source·X Money·AP News·Cross River Bank